ඕනෙම කොන්දේසියක් යටතේ ඇප දෙන්න – කෙහෙළියගේ ඇප ඉල්ලීම සඳුදා විභාගයට!
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත මාර්තු 25 වැනිදාට සළකා බැලීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.
ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකරමින් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ දියණිය කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය සුදුසු යැයි හැඟෙන ඕනෑම ඇප කොන්දේසියක් මත තම පියා නිදහස් කරන ලෙසයි.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හමුවේ කැදවූ අවස්ථාවේදී අධිකරණයට දන්වා සිටියේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයට අදාළ ලිපි ලේඛන නීතිපතිවරයා වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.
ඕනෙම කොන්දේසියක් යටතේ ඇප දෙන්න – කෙහෙළියගේ ඇප ඉල්ලීම සඳුදා විභාගයට!
2024-03-22T14:57:00+05:30
Gossip Lanka Hot News






