gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තිලිණි ප්‍රියමාලිගෙන් හොර වෛද්‍ය වාර්තා : අධිකරණයෙන් දැඩි අවවාද!

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී මහත් ආන්දෝලනයකට ලක් වූ ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග කඩකිරීම් සම්බන්ධ නඩුවකදී ඊයේ (15) ඇප මත මුදා හැරුණා. රුපියල් 1500කට සහ දැඩි අවවාදවලට යටත්වයි.

රන්මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයකදී ඇප කොන්දේසි කඩකරමින් දින තුනක් පොලිසියට වාර්තා නොකළ බවට වන නඩුවකදී මෙසේ ඇප නියම කරනු ලැබුවා.

මෙම ඇප කොන්දේසි කඩකිරීම නිසා 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කර තිබූ නියෝගය සම්බන්ධයෙන් ඇගේ නීතිඥයන් මෝසමක් ගොනු කරමින් පෙර ඇප ඉල්ලා සිටියේ සමාව ඉල්ලමින්.

ඇය පොලිසි නොපැමිණිදින දින තුනට අදාළව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා හොර වාර්තා බව කී මහේස්ත්‍රාත්වරයා මේවාට ඇප නොදෙන බව ප්‍රකාශ කළා. ඇප ලබා දෙන්නේ සමාව අයැදීම හේතුවෙන් බවයි එහිදී ඔහු ප්‍රකාශ කළේ.

අදාළ නඩුව නැවත ජූලි 26 කැඳවීමට නියෝග කෙරුණා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka