gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලියන 200 ගෙවල් කතාවට අසේල සම්පත් අධිකරණයේදී චන්නට ‘සොරි’ කියයි

කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයිද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද, පසු දින එම නිවස ඉදිරිපිටට පැමිණ සජීව වීඩියෝවක් කරන බවටද, 2021 වසරේ සිදු කළ ප්‍රකාශය සහ ඉන් පසුව ඒ මත පදනම් වෙමින් දිගින් දිගටම සිදුකළ ප්‍රකාශ මගින් තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ, අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්න ජයසුමනට කණගාටුව පළකර ඇත.

ඒ අනුව, නැවත ඒ මත පදනම්ව කිසිදු අපහාසයක් සිදුනොකරන බවට පැවසීමත් සමග නඩුව සමථයකට පත්ව තිබේ.

තමන්ට කෝට්ටේ හෝ වෙනත් කවර හෝ තැනකින් එවැනි වටිනාකමක් සහිත නිවසක් හෝ වෙනත් කිසිදු දේපළක් අයත් නැති බවත්, අසේල සම්පත්ගේ ප්‍රකාශය හුදු ද්වේශය මත පදනම්ව අපහාස කිරීම සඳහාම ගොතන ලද කතාවක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මීට පෙර දිසා අධිකරණයේදී සාක්ෂි දෙමින් පැවැසීය.

වෙනත් කරැණක් සම්බන්ධයෙන් අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීම, චන්න ජයසුමන සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් සිදුවී නම් ඒ ගැන කණගාටුව පළ කිරීමද මෙහිදී සිදුවිය.

පැමඅණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සිද, විත්තිකාර අසේල සම්පත් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ ද පෙනී සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka