gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදර්මන්ගෙන් ගිනි අවි කෙළියක් : තරුණයෙකුගේ හිසට ගිනි අවිය තබා මරණ තර්ජන කරලා!

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ විසින් තරුණයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුගිය 17 වැනිදා බත්තරමුල්ල – වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ඔහු කුලී පදනම මත පදිංචිව සිටින නිවස සහිත ගොඩනැගිල්ලේ – තවත් එලෙසම කුලී පදනම මත පදිංචිව සිටින පවුලක කටයුත්තක් සඳහා පැමිණි තරුණයන් කිහිපදෙනෙකුගෙන් අයෙකුට මෙසේ තර්ජන කළ බවයි වාර්තා වන්නේ. එම තරුණ පිරිස සුදර්මන් සමඟ කිසිදු ආරවුලක් ඇති කරගෙන නැති බවත්, එම ස්ථානයෙන් පිටත යෑමට පැමිණි විට බීමතින් පැමිණි සුදර්මන් විසින් එතැනින් පිටව යන ලෙස පවසා ගිනි අවියක් හිසට තබා තර්ජනය කළ බවත් එම තරුණයා පවසනවා.

මේ සම්බන්ධයෙන් 119 දුරකතන අංකයට පැමිණිලි කළ පසු පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර – දෙපාර්ශ්වයම තලංගම පොලිසිය වෙත කැඳවා පොලිස් ස්ථානාධිපතිවරයාම මැදිහත් වී පැමිණිල්ල විභාග කර තිබෙනවා. කෙසේ වෙතත්, එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ යෝජනාව වී ඇත්තේ එම අගතියට පත් පාර්ශ්වයට නිවසින් ඉවත් යන ලෙසයි. එහිදී එම නිවැසියන් එයට විරෝධය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, නැවත එවැනි සිදුවීමක් ඇති නොවෙන බවට වන පොරොන්දුව මත පැමිණිල්ල සමථයකට පත්ව තිබෙනවා.

සුදර්මන් රදළියගොඩ නඩු කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනයට ලක් වූ අයෙක්. උග්‍ර රාජපක්ෂ හිතවාදියෙක් ලෙස සැලකෙන ඔහු එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් ව පරාජයට පත් වුණා. එසේම 2015 ජනාධිපතිවරණ සමයේ දී එවක අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කුඩා දරුවෙකු යොදාගෙන ව්‍යාජ වීඩියෝවක් නිර්මාණය කිරීම සම්බන්ධ චෝදනාවකට ද ඔහුට නඩු පැවරුණා. එසේ ම ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් වන නඩුවකදී ඔහුට වරෙන්තු නිකුත් කළ බව එවක මාධ්‍ය වාර්තා කළා.

තරුණයාගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කළ සිදුවීම බරපතළ සිදුවීමක් බවට සැකයක් නෑ. සුදර්මන් රදලියගොඩට ගිනි අවියක් පාවිච්චි කළ හැකි වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙන අතර ඔහු පවසා ඇත්තේ ඔහුට මරණ තර්ජන ඇති බවයි. මරණ තර්ජන ඇත්තේ නම් ඔහු කළ යුතු වන්නේ පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීම නොවේද? පසුගියදා නාරම්මල දී තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියේ, ගිනි අවිය හිසට තැබීමට යාමේදී බව හෙළිදරව් වුණා. කෙසේ වෙතත්, බීමතින් ගිනි අවි සමඟ ගිනි කෙළි කරන මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය පොදුජන ජීවිතයට වන හානිය සුළු පටු ද? පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුමට මෙවැනි පිරිස් හසු නොවන්නේ කුමක් නිසා ද?

- lankaline


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka