gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාස 06 කින් ප්‍රගතියක් නැතොත් ශ්‍රි ලංකන් සේවක 6,000ක රස්සා නැතිවෙයි - ඇමති සිරිපාල

රජයෙන් ලබා දුන් ඇමරිකන්  ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා (11) අමාත්‍යංශයේදී පැවති වි‍ශේෂ සාකච්චාවකදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගුවන් සමාගමේ වත්මන් ප්‍රගතිය පිලිබඳව පාලන අධිකාරිය සහ වෘත්තිය සමිති සමාජිකයින් සමඟ පැවති සාකච්චාවකදීය.

පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වල  ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදු වූ හිරි හැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක් විය.

මේ පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කරන ලදි.

ඒ අනුව ආකර්ෂනීය මුල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රි ලංකන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට සැලසුම් කර ඇත. එබැවින් එම මාස 06 තුල ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මුල්‍ය විනයක් සමාගම තුල ඇති කර ගත යුතු බවත් ඒ සඳහා පරිපාලනය සහ වෘත්තිය සමිති ඒකාබද්ධව කටයුතු කලයුතු බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණයට කලේය. එසේ නොවුනොත් 6000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡාවේදී හෙලි වු කරුණු අනුව අද දිනය වන විට ගුවන් යානා 16 ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර එම යානා භාවිතා කර දිගු ගමනාන්ත 06ක් සහ කෙටි ගමනාන්ත 29 ක ගුවන් මෙහෙයුම් සිදු කරන බව සමාගමේ බලධාරීන් පැවසීය.

මෙම මෙහෙයුම් කටයුතු සඳහා  කල් බදු පදනම මත බෙලිජියම් ගුවන් යානා 03ක් සහ Fit Air  ගුවන් යානයක් සමාගම වෙත ලබා ගෙන ඇති බවද බලධාරීන් පැවසීය.

මෙම සාකච්චාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර , ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් ඇතුළු කිලධාරීන් පිරිසක් සහභාගි විය.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka