ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රචිත “ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” පොතේ සඳහන් ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා සහ තමන් අතර පෞද්ගලික ප්‍රශ්නයක් ඇති වන්නට තමන් බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියක් විවාහ කර ගැනීමට හෝ මල්වානේ ඉඩමට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවු බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
තමන්ට බැසිල් රාජපක්ෂ මහතා සමග තිබුනේ ඔහුගේ රටට එරෙහි දේශපාලන භාවිතය පිළිබද ප්‍රශ්නයක් විනා පුද්ගලික ප්‍රශ්නයක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා ප්‍රකාශකර සිටියේය.
උදය ගම්මන් පිල මහතා මේ බව ප්‍රකාශකර සිටියේදෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන්ද ගම්මන්පිල මහතා අදහස් දැක්වීය . අරගලය සමයේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම සහයෝගය ඇති ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍යධූරය සදහා සුදුසු යැයි යෝජනා වුවද රාජපක්ෂ පවුලේ තේරීම වූයේ රනිල් වික්‍රමසිංහ මහතා බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
ඩලස් අලහප්පෙරුම මහතාට පුතාලා දෙනෙනෙකු සිටීම රාජපක්ෂවරු අභියෝගයක් ලෙස දකින්නට ඇති බවත් එබැවින් දරුවන් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබාදීමට රාජපක්ෂවරුන් කටයුතු කරන්නට ඇතැයි තමන් සිතන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා සදහන් කර සිටියේය.
තවත් ආන්දෝලනාත්මක කරුනු රැසක් උදය ගම්මන්පිල මහතා මේ වැඩසටහනේදී හෙළි කරන ලදී