gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- ක මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (12) ප්‍රතික්ෂේප කළේය.

ඉන් අනතුරුව අදාල නඩුව තවදුරටත් විභාග කිරීමට තීන්දු කළ මහාධිකරණ විසුරුවරයා එය නැවත අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කරන ලදී.

2014 වසරේ දෙසැම්බර් මස 2 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 990000/- ක මුදලක් වැය කොට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුව ගොනු ඇති ආකාරය නීතියට පටහැනි බවත් ඒ අනුව එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් මෙම මූලික විරෝධතාව මතුකර තිබුණි.

මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka