ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් දැනුම් දීම සඳහා අද හෝ හෙට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් , විධායක සභිකයින් සහ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලුම නිලධාරීන් පක්ෂ මූලස්ථානයට කැඳවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇතැයි වාර්තාවේ.
මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවට ද ලිපියක් මගින් සියලුම දෙනා වෙත දන්වා තිබේ.
එහිදී සන්ධානගත වනවාද තනිව තරග කාරනවාද යන්න තීන්දු කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම ශ්‍රීලනිප සමඟ එක්වීමට පොහොට්ටුවේ බස්නාහිර පළාතේ ප්‍රබලයින් 6ක් සාකච්ඡා පවත්වා එකඟතාවයකට පැමිණ තිබේ.
ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනයේ මහ ගෙදර වූ ශ්‍රිලනිප සමඟ යළි වැඩ කිරීමට තමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.