gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදුසුම වෙලාවට වැඩ කරන,රට හදන බලවත්ම සන්ධානයක් අපි එළියට දානවා - තීරනාත්මක ඡන්දය ගැන රනිල්ගේ අන්තිම තීරණය රවී මාධ්‍යයට හෙළි කරයි (VIDEO)

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී රවී කරුණානායක,  ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය.

එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී හිටපු මුදල් අමාත්‍යවරයා, පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

ඔහු මේබව කියා සිටියේ, කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි හැම අවස්ථාවකදීම රට සංවර්ධනය වූ බව කී කරුණානායක, එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව කීය.

වැඩ කරන, රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව කී රවී කරුණානායක, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැතැයි පැවසීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka