gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා - ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්!

ක්‍රිකට් ආයතනයට අහිතකර මාතෘකා සමග පුවත් පලකරන නිසා සමාජ මාධ්‍ය තහනම් කරනවා -ක්‍රිකට් ආයතනයෙන් තවත් කැකිල්ලේ තීන්දුවක්

දරුණු දුෂණ සහ වංචා චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ ආන්දෝලන්තමක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.

එම මාධ්‍ය නිවේදනයට අනුව කියවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ද මාධ්‍ය හමු වාර්තා කිරීම සියලුම සමාජ මාධ්‍යයට තහනම් කරන බවයි.
එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කරන මාධ්‍ය හමු කතෘ මණ්ඩල අවශ්‍යතා සදහා, ප්‍රවෘත්ති සදහා භාවිතා කල හැක. නමුත් එම වීඩියෝ YouTube, Facebook, TikTok, Instagram, Threads සහ Twitter ඇතුළුව සමාජ මාධ්‍ය වේදිකාවල උඩුගත කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

Media are allowed to use the SLC Media Conference video and audio on their respective websites or mobile applications for editorial use. However, kindly note that the media conference video and audio cannot be uploaded on social media platforms, including but not limited to YouTube, Facebook, TikTok, Instagram, Threads, and Twitter.

මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය පැවසුවේ සමාජ මාධ්‍ය තුල පලකරන ක්‍රිකට් ආයතනයට අහිතකර ප්‍රවෘත්ති මාතෘකා නිසා මේ තීරණය ගත බවයි.

මේ මාධ්‍ය නිවේදනයට අනුව ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා සහ ඔහුගේ පිරිවර ක්‍රිකට් ආයතනයේ තමන්ගේ පෞද්ගලික් බූදලයක් බවට පත්කරගෙන ඇති බව යලිත් පෙනේ.

මේ තක්කඩි තීන්දුවට එරෙහිව සියලු මාධ්‍ය නැගී සිටීමේ කාලය එළඹ ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka