හරක් කටාට පැන යාමට උදව් කළ පොලිස් සැරයන් අත්අඩංගුවට!
සංවිධානාත්මක අපරාධකරු වන හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
හරක් කටාට පළායෑම සඳහා භාවිත කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් සහ ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන් කරයි.
හරක් කටාට පැන යාමට උදව් කළ පොලිස් සැරයන් අත්අඩංගුවට!
2024-03-07T10:45:00+05:30
Gossip Lanka Hot News






