gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නෙලුම් මාවතින් ගිය වෘත්තීය සමිති ලොක්කන්ට කෝල් පිට කෝල්…කොහොමහරි ගෙන්න ගන්නැයි බැසිල්ගෙන් නියෝග

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය වෘත්තීය සමිති නායකයින්ට සහ අනුබද්ධ සමිති නායකයින් යළි පක්ෂයට එකතුකර ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකසන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා අදාල නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

එම පක්ෂය වටා පිහිටි බොහෝ වෘත්තීය සමිති සහ අනුබද්ධ සංවිධාන මේ වන විට නව සන්ධානය සමග එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

මේ නිසා පොහොට්ටුවේ වෘත්තීය සමිති ව්‍යාපාරය දැඩි ලෙස අකර්මණ්‍ය වී ඇති බවද වාර්තා වෙනවා.

තත්වය කෙසේ හෝ වලක්වා ගැනීමට නෙලුම් මාවත පක්ෂ කාර්යාලය මේ දිනවල කටයුතු කරමින් සිටින අතර නව සන්ධානයට එක්වූ වෘත්තීය සමිති නායකයින්ට යලි පැමිණෙන්නැයි ඉල්ලීමට දිනකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලබා ගනිමින් සිටින බවද දැන ගන්නට ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ නව සන්ධාන පෙරපාසල් ගුරු වෘත්තීය සමිති සභාපති අසංක ශ්‍රීනාත් මහතා කියා සිටියේ නැවත කිසිදා පොහොට්ටුවේ දේශපාලනය සමග කටයුතු නොකරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka