gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජ්‍ය ඇමැතිනී ඩයනාගෙන් රූපවාහිනියට ලක්ෂ 9ක පොල්ලක්!

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 9ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය වසරේ නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී පත්තිනි මහා දේවාලයේ 1887 වැනි රන්දෝලි පෙරහැර විකාශනය කිරීම සඳහා අය විය යුතු මුදලක් බවයි දැනගැනීමට ඇත්තේ.

මෙම සජීවි විකාශය රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ විසින් කළ ඉල්ලීමක් අනුව විකාශය කර තිබෙනවා.

මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනී සංස්ථා ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිපවතාවක්ම සිහි කැඳවීම් කළද මෙතෙක් එම මුදල ගෙවා නැති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙසද ඇය රූපවාහිනී සංස්ථා පාලනාධිකාරියට බලපෑම් කර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka