gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා අසනීපෙන් ! - සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්!

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (19) පස්වරුවේ රැස්වූ සමඟිජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අගවතුවල මෙසේ පැවසිය. 

"මේ වසරේ නියමිත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය. කෘත්‍යාධිකාරී මණ්ඩලය අපි සාකච්ඡා කළා එන ඕනෙම මැතිවරණයකට මුහුණදෙනවා. අපි ඊළඟ ආණ්ඩුව ගන්න ජයග්‍රහණය කරා ගෙනියනවා. ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සෑමදෙනාම එකඟ වුණා තියෙන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ම මුහුණදෙන්න. මේ වෙනකොටත් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඡන්ද පදනම ගත්තාහම ඉහළින්ම තියෙන පක්ෂය බවට සමීක්ෂණවලින් පැහැදිලි වෙලා තියෙනවා. ගමින් ගමට යන වැඩසටහන්වලින් අපි දැක්කා‍, පොදුජන පෙරමුණේ හිටිය සහ ජනතා විමුක්ති පෙරමුණට ඉන්න අයත් අපිත් එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට පැහැදිලියි දැන් රැල්ල ගහලා තියෙන්නේ අපිට."

සජබ සභාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.

සරත් ෆොන්සේකා ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙලෙස අදහස් පළ කළේය.

"මම ඉන්නකොට කතා කළේ නෑ. මම හිතන්නේ එතුමාට අසනීපයි. මාස්ක් එක්ක දාගෙන හිටියේ. එතුමාම නඩුදාලා මෙතැනට එනවා. මම කතා කළා එතුමා එක්ක. අසනීපද ඇහුවා නෑ කිව්වා."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka