gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කථානායක‌‌ගේ කවුරුත් නොදන්න පැටිකිරියම අනුර සභාවේ දිගහරියි - මුළු පාර්ලිමේන්තුවම නිහඬයි (VIDEO)

කතානායකවරයා පමණක් නොව, ජනාධිපති හා කැබිනට් මණ්ඩලයද අනීතිකව ක්‍රියා කරමින් හැසිරෙන බවත් වර්තමාන පාර්ලිමේන්තුව කෙරෙහි පවා ජනතාවගේ විශ්වාසය මුලුමනින්ම භංග වී ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරනු ලැබීය.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදයට එක් වෙමින් ඊයේ (20) මේ බව අවධාරණය කරමින් තව දුරටත් අදහස් දැක්වීය. මහින්ද යාපා අබේවර්ධන 1987දී හෘදය සාක්ෂියට එකඟව කටයුතු කර මන්ත්‍රී ධුරය අහෝසි කර ගත් නමුත් එදා ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කළ ද කාලයාගේ ඇවෑමෙන් මුලුමනින්ම බිඳවැටී ආණ්ඩු පක්ෂයේ වුවමනාවන් අනුව හැසිරෙන පරපෝෂිතයෙකු බවට පත්වී සිටින්නේ යැයි ද තව දුරටත් පැවසීය.

අද රජයේ කිසිදු තනතුරක් දරන නිලධාරීන් එම තනතුරට වගනොකියන බවත් වවුනියාව ප්‍රදේශයේ විශාල කටවුට් ප්‍රදර්ශනය කරමින් පොලිස්පතිගේ හැසිරීම ඡන්ද අපේක්ෂකයෙකුගේ හැසිරීම හා සමාන බව ද දූෂිත දේශපාලන සංස්කෘතිය නිසා රටේ සියලුම පද්ධති බිඳ වැටී ඇති බවත් මහින්ද යාපා ගොදුරු වී සිටින්නේ ද එම සංස්කෘතියට බවත් පැවසීය. මෙම පරිහානිය කොතෙක්ද යත්, තම පක්ෂ නායකයින් හට වේදිකා මතදී බඩගාගෙන යමින් වැඳ වැටෙන තත්වයේ යටත් වැසියන් ලෙස කටයුතු කිරීම මහින්ද යාපා කෙරෙන්ද ප්‍රදර්ශනය කෙරෙන්නේ යැයි පැවසීය.

එම පොදු තත්වයට අමතරව, මහින්ද යාපා අබේවර්ධන කතානායකගේ පුද්ගලික ක්‍රියාකාරීත්වයෙන් ද පරපෝෂිතයෙකු ලෙසින් ක්‍රියා කිරීම නිසා තත්වය තව දුරටත් පරිහානියට පත් වී ඇති බවත් ප්‍රකාශ කළේය. කතානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම් ලෙස වසන්ත යාපා අබේවර්ධන ද, සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සරත් යාපා අබේවර්ධන ද ඔහුගේ මාධ්‍ය ලේකම් ලෙස ඉඳුනිල් යාපා අබේවර්ධන මෙන් ම, තවත් නිලධාරියෙකු ලෙස චාමර සී යාපා අබේවර්ධන ද පත් කර ගෙන ඇතැයි හෙළි කළේය.

එමෙන් ම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විදේශ නිල සංචාරයන්ට එක්වීමේදී ඔහුගේ පරම්පරාවම කැටිව යාම තුළින් එය පවුලේ විදේශ සංචාරයක් බවට පත් කර ගෙන තිබීම වැනි පරපෝෂිතභාවයට පත් වී ඇතැයි ද පෙන්වා දුන්නේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka