gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජිත්ගේ විරෝධතා විසිවෙයි – ෆොන්සේකා ඉල්ලූ වාරණය දික්වෙයි!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණ නියෝගයට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ විරෝධතා කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් ලබාදුන් වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් අප්‍රේල් 2 වැනිදා දක්වා දීර්ඝ කළේය.

හිටපු හමුදාපති දයා රත්නායකට පක්ෂ සාමාජිකත්වය ලබාදීමට එරෙහිව කළ ප්‍රකාශයක් මත සමගි ජන බලවේගය විසින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් සරත් ෆොන්සේකා මෙම වාරණ නියෝගය ලබාගෙන තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ෂහීදා බාරි, මෙහ්රාන් කරීම්, පුලස්ති රූපසිංහ සහ අමිල පෙරේරා පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥ ෆාමන් කැසිම් සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනීසිටියහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka