පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කළහොත් උපවාසයක් ආරම්භ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කරනවාද නැද්ද වහා ප්‍රකාශයක් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
එසේ නොකළහොත් උපවාසයක් ආරම්භ කරන බවද අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා පැවසීය.