gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF ප්‍රතිසංස්කරණ නිම වනතෙක් ඡන්ද නෑ - ජනාධිපති මැතිවරණ කොමිසමට කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ අවස්ථානේ ප්‍රමුඛතාවය දිය යුත්තේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බවද ඔහු පෙන්වා දී ඇත.

කැබිනට් මණ්ඩලය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මුල්‍ය අරමුදල සමග වන වැඩසටහන එළඹෙන ජූලි මස අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැත්තනු නොපැවැත්වෙනු ඇති බවද හෙතෙම අවධාරණය කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව ඇත්තේ මුල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව නිසා එය පැවැත්වීමට මුල්‍ය අරමුදලේ වැඩසටහන බාධාවක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එනිසා පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ද වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයත් මැතිවරණ කොමිසමත් දැනුවත් කොට ඇත.

එ් අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කිසිසේත්ම නොපවත්වණු ඇති බවද රජයේ ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka