gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආර්ථිකේ අමාරුයි කියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් රට පනී!

පවතින ආර්ථික දුෂ්කරතා නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රට හැර යෑමට පටන් ගෙන තිබෙනවා. පළමුව බදුල්ල දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස් වූ අතර දෙවැනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වී කැනඩාවට සංක්‍රමණය වුණා.

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් රට හැරයෑමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරනවා. නැවත පාර්ලිමේන්තුවට පත්වීමට නොහැකි වේය යන අවිනිශ්චිතතාවද මීට බලපාන බවයි පැවසෙන්නේ.

ඉන්ධන, දුරකතන, ගෙවල්කුලී වෙනත් පහසුකම්, පාර්ලිමේන්තු පැමිණීමේ දීමනා, සන්තෝෂම් ආදියද සහිතව වැටුපක් ලබමින් ජීවත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ආර්ථිකය අමාරු නම් සාමාන්‍ය පොදුජනතාවගේ ජීවිතය කෙබඳු විය හැකි දැ යි මතුවන්නේ විශාල පැනයක්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka