කෙහෙළියට දැන් සනීප දැයි විනිසුරු අසයි... නීතීඥවරයා උසාවිය මැද නිරුත්තරයි!
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේ දී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.
ඒ තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිත කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කිරීම අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේය.
මෙම නඩුව මීට කැඳවු අවස්ථාවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමෙන්තු යෑමට ඇතැයි පවසමින් අධිකරණයට නොපැමිණි අතර ඊට පසු රෝගී බව පවසමින් උසාවියට නොපැමිණ තිබිණි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා හිටපු ඇමතිවරයාට දැන් සනීපදැයි ප්‍රශ්න කළ බව සඳහන්ය.
- emanisa
කෙහෙළියට දැන් සනීප දැයි විනිසුරු අසයි... නීතීඥවරයා උසාවිය මැද නිරුත්තරයි!
2024-03-09T08:10:00+05:30
Gossip Lanka Hot News






