gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිට අවුරුදු තුනයි - යෝජනාව කැබිනට්ටුවට

පොලිස්පති ධුරය සඳහා වසර තුනක ස්ථාවර කාලසීමාවක් හඳුන්වා දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. පොලිස්පතිවරයාගේ ධුර කාලය සීමා කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නාමයෝජනා අනුමත කිරීම මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත්කරයි. පොලිස්පති ධුරයට පත්කරන පුද්ගලයා විශ්‍රාම ගැනීම හෝ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනතෙහි නියම කරන කාර්ය පටිපාටිය අනුව ඉවත් කරනතුරු පොලිස්පතිවරයා සේවයෙහි නියුක්තව සිටියි. එමෙන්ම වර්තමානයේ පොලිස්පතිවරයාගේ ධුර කාලය සඳහා නිශ්චිත කාල සීමාවක් මෙතෙක් නොමැති වීම ස්ථාවර කාලසීමාවක් හඳුන්වා දීමට හේතුවී තිබේ.

පොලිස්පතිගේ ධුර කාලයට ස්ථාවර කාලසීමාවක් හඳුන්වා දීමේ අරමුණ වන්නේ රටේ දූෂණය සහ විෂමාචාරයන් සිදුවීමේ සම්භාවිතාව අවම කිරීම, විනිවිද භාවය ප්‍රවර්ධනය කිරීම, මහජන ප්‍රසාදය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමයි.
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka