පාතාලයන්ට හොර පාස්පෝර්ට් එකක් හදන්න ලක්ෂ 5ක් අරගෙන!
ව්‍යාජ තොරතුරු ඇතුළත් කළ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරදී පාතාලයන් ඩුබායිවලට පැන්නවීමේ ජාවාරමේ නිරත වූ දූෂිත නිලධාරීන් එක් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන ඇතැයි හෙළිවී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරුන් ලෙසින් පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු දූෂිත කණ්ඩායම් කිහිපයක් කලක සිට කළ ජාවාරම් ගැන අරඹා ඇති විමර්ශනවලදී මේ බව හෙළිවී තිබේ.
දැනට ඇති තොරතුරුවලට අනුව හිනටියන මහේෂ්, මතුගම ශාන් යන පාතාල නායකයන්ට අමතරව තවත් පාතාලයන් පස්දෙනකුට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර බලපත්‍ර සකස්කර දී ඇතැයි අනාවරණය වී ඇත.
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රවලින් අපරාධකරුවන් රටින් පැන්නූ චෝදනාවට ලක්ව වැඩ තහනමට ලක්වූ නිලධාරීන් පවා යළි සේවයට පැමිණ කටුනායක ගුවන් තොටුපොළේ තනතුරු හොබවන බවද හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණ’ ට පැවසීය.
පාතාලයන්ට හොර පාස්පෝර්ට් එකක් හදන්න ලක්ෂ 5ක් අරගෙන!
2024-03-22T09:31:00+05:30
Gossip Lanka Hot News






