gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීගේ බෝම්බ රහස කතෝලික සභාව හෙළිකරයි (VIDEO)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීමට තමා සූදානම් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ පාර්ශවය සහ කතෝලික සභාව නියෝජනය කරමින් ප්‍රතිචාර දක්වයි.

කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කර තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙලෙස ප්‍රහාරය සම්බන්ධයෙන් රහසක් ඇති බව සඳහන් කිරීම පුදුම විය යුතු දෙයක් නොවන බවය.

සත්‍ය වශයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව මුල සිටම කතෝලික සභාවේ ස්ථාවරය වී තිබූ බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී පටන් දුක් පියතුමන් සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය හුවා දක්වමින් බලය ලබාගැනීමට කටයුතු කළ ද ඔහු බලය ලබාගත් විගස සිදු කර තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ සියල්ල අවුල් වියවුල් කිරීමට කටයුතු කිරීම බව ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම සාකච්ඡාවේදී හෙළි කරයි.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළි කිරීමට යාමෙන් තමන්ට සහ තමන්ගේ පවුලේ සමාජිකයන්ට මරණීය තර්ජන ඇති විය හැකි බවට මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දක්වමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුව ඝාතනය කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

එම සියලු අවස්ථා විහිළුවක් වූ බවද එතුමන් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් දෙදෙනෙකු පොලිසියේ ඉහළම පුටුවල රැඳී සිටින වටපිටාවක සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ලැබී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකල නීතිපතිවරයා හරහා කිසි දිනක මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කර ගැනීමට නොහැකි වනු ඇති බව කතෝලික සභාවේ ස්ථාවරය වී ඇති බව එතුමන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka