gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් ගිනි තැබූ දේපොළවලට වන්දි ගෙවීම් කඩිනම් කරවයි

අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා සඳහන් කළේ මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බවයි.

අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අරගලයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ  ගම්පහ දිස්ත්‍රික්කයට බවය.

වන්දි ලබාදීමේදී  නිෂ්චල හා චංචල දේපළ වශයෙන් කොටස් දෙකකට තක්සේරු කිරීම් සිදුකරනු ලැබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ  නිවාස හා දේපළ හානියට පත්වීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති සිද්ධීන් ගණන 162කි.

ඒ අතරට වාහන හානි 138කි. ඒ යතුරුපැදි හා ත්‍රීවිල් 108 ක් හා වෙනත් වාහන 29ක් වශයෙනි. මේවනවිට තක්සේරු වාර්තා ලැබී ඇත්තේ නිවාස,දේපළ විනාශවීම් සිද්ධි 100ක් සම්බන්ධයෙන් පමණී. ලියකියවිලි වල ඇතිව තිබෙන යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් නිසා තවත් දේපළ 9ක් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතුව තිබේ.

එහිදී අමාත්‍යවරයා තක්සේරු දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට, පොලිස් හා ග්‍රාම නිළධාරීන්ට උපදෙස් දුන්නේ වන්දි ලබාදීමට අදාළ  සිද්ධීන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසයි.

” මැයි 9 වැනිදා අරගලයේදී පොලීසිය හා ආරක්ෂක අංශ අපිව ආරක්ෂා කළේ නැහැ. ඔවුන් කළ වරද සම්බන්ධයෙන් මම මානව හිමිකම් කොමිසමේ නඩු පවරල තියෙනවා. මැයි 9 අගතියට පත්වූ අනෙක් අයටත් පොලීසිය හා ආරක්ෂක අංශවලින් යම් අසාධාරණයක් සිදු වුණානම් ඒ අයටත් මානවහිමිකම් කොමිසමේ නඩු පවරන්න පුළුවන්.

ඒ ⁣වගේම ගෙවල් හා දේපළ ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ඇතැම් ආගමික නායකයන් උත්සාහ ගන්නා බවට අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. බලපෑම්වලට යටත් නොවී ඒ අයට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මම පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා. මේ ගෙවල් ගිනි තැබීම හා අරගලය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණු බව දැන් පැහැදිළියි. ජ. වි. පෙ. ක්‍රියාකාරීන් ඉදිරියෙන්ම සිටියා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සිදු වන්නේ මන්දගාමීවයි. එය කඩිනම් කිරීමට කටයුතු කරන්න.

1977දී මගේ තාත්තගේ ගේ ගිනි තිබ්බ. එයට අදාළව ගෙවීම් කටයුතු අවසන් වුණේ 2004 අවුරුද්දෙ. හැබැයි මැයි 9 මේ සිද්ධියට අදාළව වන්දි ගෙවීමේ කටයුතු එතරම් ප්‍රමාද වෙන්න දෙන්නේ නෑ. ඒ වන්දි ලබාදීම කඩිනම් කරන්න මම මැදිහත් වෙනවා.


ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන,රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක,ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka