gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පැය පහමාරේ ප්‍රකාශයේදී මෛත්‍රීපාල තමන්ට පාස්කු ප්‍රහාරය ගැන සති 3කට කලින් තොරතුර දීපු කෙනාගේ නම කියලා නෑ! CIDය කරන්න යන දේ මෙන්න!

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක්  හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25) ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

පෙර­වරු 10.30ට පමණ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පිටව ගොස් ඇත්තේ සවස 3.50ට පම­ණය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට එහි ප්‍රධාන දොර­ටු­වෙන් ඇතුළු වී ඇති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සාමාන්‍ය ලෙස ප්‍රශ්න කිරී­මට මුහුණ දුන් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යකු ඉදි­රි­පිට පොලිස් පරී­ක්ෂක ශ්‍රේණියේ නිල­ධා­රි­යකු විසින් ප්‍රකා­ශය සට­හ­න්ක­ර­ගෙන ඇති අතර හරස් ප්‍රශ්න ද එහි දී අසා ඇත.

මෛත්‍රී­පාල සිරි­සේන මහතා මෙහිදී පවසා ඇත්තේ පාස්කු ප්‍රහා­රය එල්ල කළ බව කියන සැබෑ අප­රා­ධ­ක­රු­වන් ගැන තමාට දැන ගන්නට ලැබුනේ සති තුන­කට පමණ පෙර බවය. තමාට තොර­තුරු ලබා­දුන් අය කවු­රු­න්දැයි පැහැ­දි­ලි­වම හෙළි­කි­රී­මක් ඔහු විසින් සිදු­කර නැති බව ද සඳ­හන්ය. මෙහි දී මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට  ලබා­දුන් ප්‍රකා­ශයේ අන්ත­ර්ග­ත­යෙන් කියැ­වෙන තොර­තුරු සම්බ­න්ධ­යෙන් නැවත සොයා බැලී­මක් කර නීති­ප­ති­ව­ර­යා­ගේද උප­දෙස් අනුව ඉදිරි ක්‍රියා­මාර්ග ගන්නා බව  උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ලබා­ගත් ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් වූ  ඉදිරි නඩු දින­ය­කදී අධි­ක­ර­ණ­යට කරුණු දැක්වී­ම­ටද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටින බව ආරංචි මාර්ග සඳ­හන් කළේය. -දිනමිණ

ගයාන් කුමාර වීර­සිංහ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka