පැය පහමාරේ ප්‍රකාශයේදී මෛත්‍රීපාල තමන්ට පාස්කු ප්‍රහාරය ගැන සති 3කට කලින් තොරතුර දීපු කෙනාගේ නම කියලා නෑ! CIDය කරන්න යන දේ මෙන්න!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහනුවරදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස පැය පහකට අධික කාලයක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (25) ප්‍රකාශයක් සටහන්කර ගෙන තිබේ.
පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත්තේ සවස 3.50ට පමණය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ලෙස ප්‍රශ්න කිරීමට මුහුණ දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයකු ඉදිරිපිට පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු විසින් ප්‍රකාශය සටහන්කරගෙන ඇති අතර හරස් ප්‍රශ්න ද එහි දී අසා ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බව කියන සැබෑ අපරාධකරුවන් ගැන තමාට දැන ගන්නට ලැබුනේ සති තුනකට පමණ පෙර බවය. තමාට තොරතුරු ලබාදුන් අය කවුරුන්දැයි පැහැදිලිවම හෙළිකිරීමක් ඔහු විසින් සිදුකර නැති බව ද සඳහන්ය. මෙහි දී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ අන්තර්ගතයෙන් කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කර නීතිපතිවරයාගේද උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලබාගත් ප්‍රකාශය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු දිනයකදී අධිකරණයට කරුණු දැක්වීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. -දිනමිණ
ගයාන් කුමාර වීරසිංහ
පැය පහමාරේ ප්‍රකාශයේදී මෛත්‍රීපාල තමන්ට පාස්කු ප්‍රහාරය ගැන සති 3කට කලින් තොරතුර දීපු කෙනාගේ නම කියලා නෑ! CIDය කරන්න යන දේ මෙන්න!
2024-03-26T10:03:00+05:30
Gossip Lanka Hot News






