gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාගේ ටොරින්ටන් නාටකයට දණ්ඩනීති සංග්‍රහය යටතේ පියවර!

පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කරමින් 2022.11.14 වැනිදා කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ටොරින්ටන් චතුරශ්‍රය අසල වීදි නාට්‍යයක් රඟ දැක්වූයේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනා හා සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 103 වගන්තිය යටතේ ඉදිරි පියවර ගන්නා ලෙසටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.

එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති නමුත් මේ දක්වා අවශ්‍ය උපදෙස් ලැබී නොමැති බව පෙන්වාදෙමින් කුරුඳුවත්ත පොලිසිය කරුණු දැක්වූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සැකකාරියන් හා සැකකරු කිසිදු ආකාරයකින් පොලිසියේ රාජකාරියට බාධාවක් සිදුකර නොමැති බවත් රටේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවී ඇති ඛේදවාචකය පිළිබඳව පිළිබිඹු කිරීම සඳහා ඉතා සාමකාමී අයුරින් ඔවුන් වීදි නාට්‍යයක් රඟ දක්වමින් සිටියදී පොලිසිය කඩා පැන අවට සිටි සියලුදෙනා සමගම බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමෙන් බාධාකර ඇත්තේ පොලිසිය මිස සිය සේවාදායකයන් නොවන්නේ යැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. නඩුව ලබන ජුනි මස 10 වැනිදා දක්වා කල් තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka