gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත්‍රී CIDයේ ප්‍රකාශය දෙද්දි කොළඹ හතේ සතර කන් මන්ත්‍රණයක්!

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් සමග ඊයේ (25) දහවල් විශේෂ රහසිග සාකච්ඡාවක නිරත වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ඒ කොළඹ හතේ පිහිටි අවන්හලකදී දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් එම පුවත්පත සඳහන් කරයි.

එම ස්ථානයෙන් පළමුව තානාපතිනියද, ඊට විනාඩි දහයකට පසු සජින් වාස් ගුණවර්ධන මහතා ද සිය බිරිද හා දරුවා සමග එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් එහි දැක්වේ.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් එම ස්ථානයට පැමිණියත් සජින් වාස් ගුණවර්ධන පැමිණ සිටියේ නැත.

(මූලාශ්‍රය හා ඡායාරූපය : අරුණ)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka