රනිල්ට, අනුරට එරෙහිව ගෝඨාගේ දේශපාලන පළිගැනීම් කොමිසම දුන් නිර්දේශ අභියාචනාධිකරණය අවලංගු කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ සොයාගැනීම් අවලංගු කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අදාළ නියෝගය නිකුත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මූල්‍ය අපරාධ ඒකකය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව, දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 20 වැනි දින එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරන ලදී.
රනිල්ට, අනුරට එරෙහිව ගෝඨාගේ දේශපාලන පළිගැනීම් කොමිසම දුන් නිර්දේශ අභියාචනාධිකරණය අවලංගු කරයි
2024-03-26T08:36:00+05:30
Gossip Lanka Hot News






