ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ චන්ද ව්‍යාපාරය සිදුකරන ආකාරය අධ්‍යයනය සඳහා පොදු ජන පෙරමුණේ තරුණ කණ්ඩායමක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානය වෙත යැවීමට පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ පොදුජන පෙරමුණ එළඹෙන මැයි දිනය සහ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් පසුගිය දා නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පොහොට්ටු ප්‍රධානීන් සමග සිදුකළ සාකච්ඡාවක් අතරය.
මේ වනවිට පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු වෙනුවෙන් නෙළුම් මාවතේ තවත් නිවාස දෙකක් කුලියට ගැනිමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම සංවිධාන කටයුතු ආරම්භ වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් කිසිම ආකාරයක මැතිවරණ කල් දැමීමක් සිදුනොවන බව තහවුරු කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට යෑමෙන් ඡන්දය කල් යනු ඇතැයි සමාජය තුළ සැකයක් ඇතිව ඇති බැවින් පැරණි ක්‍රමයටම මැතිවරණය පවත්වන ලෙස ද බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් සිදුකර ඇත.
