කලකිරුණු සජබ ලොක්කන් කිහිප දෙනෙක් පනින්න නැකැත් බලයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරි පත්වන බව නිල වශයෙන් දැනුම් දුන්විට ඊට සහාය දක්වන සජබ පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට තීරණයක් ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.
මේ සදහා වන විශේෂ සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ නුගේගොඩ පිහිටි සජබ ප්‍රධාන සාමාජිකයකුගේ නිවසේ පවත්වා තිබෙනවා.
මේ සදහා සබරගමුව සහ දකුණු පලාත මෙන්ම වයඹ පලාත නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සහභාගී වී ඇති බවද වාර්තා වෙනවා.
පොහොට්ටුවේ දේශපාලන කටයුතු වලින් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයන් සජබ ප්‍රධාන කටයුතු සදහා සහභාගී කරගැනීම ගැනද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
එම හේතුව නිසා ප්‍රබල සජබ සාමාජිකයන් පිරිසක් කලකිරීමට ලක්ව සිටින බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ පසු ඔවුන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එකතුවන බවද මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්.
කලකිරුණු සජබ ලොක්කන් කිහිප දෙනෙක් පනින්න නැකැත් බලයි
2024-03-25T13:15:00+05:30
Gossip Lanka Hot News






