gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ මානව හිමිකම් කඩවී ඇති බව කියමින් දුව කොමිසමට පැමිණිලි කරයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බවට පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, ඔහුට අවස්ථා කිහිපයකදී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

අද (මාර්තු 27) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකරමින් චමිත්‍රි රඹුක්වැල්ල කියාසිටින්නේ තම පියාගේ මානව හිමිකම් කඩ වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ සතිය මුලදී චමිත්‍රි රඹුක්වැල්ල විසින් තම පියා නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ගොනුකර තිබිණි.

කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරමින් ඇය ඉල්ලා සිටියේ, තම පියා සුදුසු යැයි සලකන ඇප කොන්දේසි මත මුදාහරින ලෙසයි.

කෙසේවෙතත්, කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා මූලික විරෝධතා මතුකළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ, 2024 පෙබරවාරි 29 දිනැති මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු ඇතුළු සියලු කරුණු අධිකරණයට හෙළිකිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.

මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් නීතිපතිවරයාගේ මූලික විරෝධතා පිළිබඳ විභාගය 2024 අප්‍රේල් 03 දිනට කල් තැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka