පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ තේරී පත්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒකමතිකව තේරී පත්වී තිබේ.
අද කැදවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීමේදී මෙම නව පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තේරී පත්ව ඇත්තේ මීට පෙර ඔහුගේ බාප්පා සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක තනතුර දැරීය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ තේරී පත්වෙයි
2024-03-27T19:53:00+05:30
Gossip Lanka Hot News






