gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෙහෙළියගේ ඇප කැන්සල්… නඩු විභාගය අවසන් වනතුරු හිරේ!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 14 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ වන බව අධිකරණය විසින් පිළිගනු ලබන බව ය.

පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහු ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka