gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජවිපෙ බලයට ගේන්න වැඩ කරන්නත් සූදානම්… මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

තමන්වහන්සේලා පවසන  කාරණා සලකා බලා ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමටජනතාව ඉදිරියට  යෑමට සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති.
මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් නොමැති බවත් උන්වහන්සේ කීහ.  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) මහනුවර දී මාධ්‍ය අමතමිනි.

උන්වහන්සේ මෙසේ ද කීහ.

“ඉන්දියානු ව්‍යාප්තවාදය  කියන බූවල්ලා මේ වන විටත් රටේ කොටසක් ගිලගෙන ඉවරයි. ඉතිරි කොටසත් ගිලිනකම් අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ ඉන්දියානු ව්‍යාප්තවාදයට, එට්කා ගිවිසුමට, රට පාවාදීමට එරෙහි මහා සංඝ සම්මේලනයක් පවත්වලා ඒ හඬ රට පුරාම අරන් යනවා. “

“අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දිහා  බලාගෙන අතපාලා ණය අරගෙන එදිනෙදා කාලා  ජීවත් වෙනවා ඇරෙන්න වෙන කිසි දෙයක් වෙන්නේ නෑ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් පේන්නවත් නෑ. මේ දවස් ටිකේ අපායට යන පාර කාපට් කරලා දෙපැත්තේ මල්ගස් හිටවනවා. අපායට යන පාර රළු පරළු වුණත් කාපට් කරලා තිබ්බත් යන්නේ අපායට. ඒක තමයි ඇත්ත. මේ රටේ තියෙන දේවල් විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. “

“මේ රටේ සම්පත් විකුණන්න එපා කියලා මහානායක හිමිවරු පවා පාලකයන්ට ලිඛිතව දැනුම් දුන්නා. මේ ඊනියා රජය කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව රටේ සම්පත් විකුණන්න පිඹුරු පත් සකසලා ඉවරයි. ජන වරමට පටහැනිව රනිල් කටයුතු කරනවා නම් ගෝඨාභයට, මහින්දට, බැසිල් ඇතුළු කණ්ඩායමට යුතුකමක් තියෙනවා ඊට එරෙහි වෙන්න.”

“නමුත් මේ ඔක්කෝටම වඩා බල ලෝභය ප්රභලයි. ඉන්දියාවේ ගිහිල්ලා තෝසේ වඩේ කෑවා කියලා  ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්ද මේ රටේ භෞතික සම්පත් කොල්ලයට ඉඩදී නිහඬව ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ  අප සමග සාකච්ඡා කළා. මේ රටේ ඓතිහාසික උරුමය සුරැකීම, බුද්ධාගම සුරැකීම, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය අපි විමසුවා.”

“ඇතැම් ප්‍රශ්නවලට ඔවුන් නිරුත්තර වුණා. විධායක ජනාධිපති ක්රමය තියෙන්නේ 13 වන ව්‍යවස්ථාව එක්ක ගැටගැහිලයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම්  ඊට ප්‍රථමයෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. උපරිම වශයෙන් බලය බෙදිය යුතුයි. ඒත් රට බෙදන බලය බෙදීමක් අවශ්‍ය නෑ. අපි කියන කාරණා සලකා බලා ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමට අපට ජනතාව ඉදිරියට  එන්න පුළුවන්. මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් අපිට නෑ.  “

“මේ රට පාවාදීමට කිසිවෙකු හෝ ප්‍රයන්ත දරනවානම් ඔහුට නිගා කොට  පන්නා දැමිය යුතුයි. පෙර කල මෙන් රට  ගොඩ නැගීම සඳහා සුදුසු අයෙක් පත් වෙන බව අපට විශ්වාසයි. එසේ නොමැති නම් එවැනි අයෙක් පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කැපවීම් කළ යුතුයි, ඒ වෙනුවෙන්   සංඝරත්නය පළමු පියවර තබනවා. ඉන් අනතුරුව මේ ජාති හිතෛෂී හඬ රට පුරා රැගෙන යනවා. “යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka