මැතිවරණ කල් දානවට එකඟ නෑ.. මුලින්ම මහමැතිවරණයක් ඕනෑ – බැසිල් අවධාරණය කරයි (VIDEO)
ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකට තමා වඩාත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
News 1st වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ,, ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් ජනතා ,මතයේ යථාර්ථය නිවැරදිව පිළිබිඹු නොවන බවයි.
අපේක්ෂකයකු ජනාධිපතිවරණයෙන් එක ඡන්දයකින් හෝ ජයග්‍රහණය කළහොත්, 2020 දී මෙන් එම පක්ෂයට පාර්ලිමේන්තුවේ සැළකිව යුතු බහුතරයක් ලැබෙනු ඇතැයි ඔහු පෙන්වාදෙයි.
සමබර පාර්ලිමේන්තුවක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රමුඛත්වය දිය යුතු බව හෙතෙම තර්ක කරයි.
තවද, රටේ තීරණාත්මක ජාතික මැතිවරණ වන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමේ ඕනෑම උත්සාහයකට ඔහු තරයේ විරුද්ධ වේ.
වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව ගැන ප්‍රශ්න කළ විට, එය සැබවින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ දැයි ඔහු සැක පළ කර තිබේ.
මැතිවරණ කල් දානවට එකඟ නෑ.. මුලින්ම මහමැතිවරණයක් ඕනෑ – බැසිල් අවධාරණය කරයි (VIDEO)
2024-03-14T20:00:00+05:30
Gossip Lanka Hot News






