මහා පරිමාණ ඖෂධ ජාවාරම සම්බන්ධව බන්ධනාගාර ගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු දැනුම්දී ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර ගත කෙරුණු පසුව ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබුණේය.
එහෙත් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවන බව මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ලගේ අසනීප තත්ත්වය සම්බන්ධව විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේය.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණයට නොපැමිණීමට තරම් රෝගී තත්ත්වයක් තිබී නොමැති බව ඔහුගේ රෝගී තත්ත්වය සොයා බැලීමට පත් කළ වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දැනුම්දී ඇත.
