කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කරගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළ බව කියමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කරමින් සිටින බවත් විශ්වාසභංග යෝජනාව එළඹෙන (05) වනදා පාර්ලිමේන්තුවට භාරදෙන බවද ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.
කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය
2024-03-02T12:15:00+05:30
Gossip Lanka Hot News






