අපි දෙවැනි වන්නේ දෙවියන්ට විතරයි.. කතරගම දෙවියන් අවුරුද්දකට සැරයක් මට කීයක් හරි දෙනවා - කතරගම ප‍්‍රධාන කපු
කතරගම දේවාලයේ මේ දිනවල ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය කතරගම දෙවියන් විසින් සුදුසු කාලයට විසඳනු ඇතැයි එම දේවාලයේ ප්‍රධාන කපු තැන වන සොමිපාල රත්නායක මහතා සඳහන් කරයි.
‘මගේ සේවාකාලය අවුරුදු 67ක්. අපි බොහොම පිරිසිදුව බැති සිතින් කතරගම දෙවියන්ට පුද පූජා කරනවා. ලංකාවේ වගේම ඉන්දියාවේත් සමහර ප්‍රභූවරුන් අපිට සලකන්නේ දෙවියන්ට වගේ.
ඇත්තටම කිව්වොත් අපි දෙවැනි වන්නේ දෙවියන්ට විතරයි කියලා ඔවුන් හිතනවා. කතරගම දෙවි හාමුදුරුවරුවන් අපිට හැමදේම දීලා තියෙනවා. වැදගත් මිනිස්සු මට උදව් කරනවා. දෙවි හාමුදුරුවොත් අවුරුද්දකට සැරයක් මට කීයක් හරි දෙනවා. ඒ නිසා අපි වංචා කරන්නේ නැහැ.
කතරගම දෙවි හාමුදුරුවන් සුදුසු කාලයට මේ ප්‍රශ්නය විසඳාවි. උන්වහන්සේ තීන්දු ලබාදෙන්න ඉක්මන් වෙන්නේ නෑ. ඒ දවස්වල මේ විදිහට බොරු චෝදනා කරමින් පූජා කරමින් කටයුතු කළ පුද්ගලයින්ට මොකද වුණේ. වැරදි විදිහට කතරගම ජීවත්වන කිසිම කෙනෙක්ට හරියන්නේ නැහැ’
අපි දෙවැනි වන්නේ දෙවියන්ට විතරයි.. කතරගම දෙවියන් අවුරුද්දකට සැරයක් මට කීයක් හරි දෙනවා - කතරගම ප‍්‍රධාන කපු
2024-03-21T16:07:00+05:30
Gossip Lanka Hot News






