අරගල කාලෙ මට එයාපෝට් යන්න ඉඩකඩ හදලා දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි - බැසිල් රාජපක්ෂ
මෙරට පැවති අරගල සමයේ තමන්ට ගුවන් තොටුපලට යාමට පවා ඉඩ සලසා දුන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මෙම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහජන නියෝජිතයින් සමඟම නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන මේ අවස්ථාවේ කතා කිරීම උචිත නැති බවද හෙතෙම සඳහන් කර ඇත.
අදාළ සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණු නියෝජනය කරන මන්ත්‍රීන් පනහක පමණ පිරිසක් සහභාගි වී සිට සිටියහ.
අරගල කාලෙ මට එයාපෝට් යන්න ඉඩකඩ හදලා දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි - බැසිල් රාජපක්ෂ
2024-03-21T16:11:00+05:30
Gossip Lanka Hot News






