gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරීන් බල බිඳගනී : අති විශේෂ ගැසට් නිවේදනයකුත් නිකුත් කරයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය යන ආයතනයන්හි කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ක්‍රියාත්මක කිරීමේ බලයද හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිය රාජ්‍ය අමාත්‍යවරයා වෙත පෙබරවාරි 27 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පවරා දී තිබෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka