රැස්වීමක් පවත්වමින් සිටි සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට!
මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේනහිදී නීතිවිරෝධී රැස්වීමක් පවත්වමින් සිටි බව කියන සහරාන් හසීම්ගේ මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔහු සමඟ ඊට සහභාගි වී සිටි පුද්ගලයන් 30 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඔවුන් කාඩ් සෙල්ලම් කරමින් සිටි බවයි.
මොහු විවාහ වී සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හසීම්ගේ සහෝදරිය සමග බවයි පොලිසිය පවසන්නේ.
රැස්වීමක් පවත්වමින් සිටි සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට!
2024-03-02T07:52:00+05:30
Gossip Lanka Hot News






