පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු පැමිණ ස්වාධීනව කටයුතු කරන ගාමිණී වලේබොඩ මහතාගේ අම්බලන්ගොඩ මිරිස්සවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට කන්ටේනර් රථයක් කඩා වැදී ඇති අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන්නට මොහොතකට පෙර මන්ත්‍රීවරයා එම ස්ථානයේ සිට ඇතත් අනතුර වන්නට සුලු මොහොතකට පෙර මන්ත්‍රීවරයා එතැනින් ඉවත්ව ඇති බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් ජීවිත අනතුරු කිසිවක් සිදුව නැතත් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බව පැවසේ.
පසුගිය දා කෝප් කමිටුවේ සභාපති ධූරය සදහා තරග වැදුනේද ගාමිණී වලේබොඩ මහතාය.
