gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොර බෙහෙත් ජාවාරම : රට පැන්න දොස්තර වහාන අල්ලන්න වරෙන්තු – කෙහෙළිය අසනීප ගැන උසාවියට බොරුකී බවත් හෙළිවේ!

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටිය දී විදේශගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරී කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ ඉංග්‍රීසි භාෂාවෙන් ඊයේ (29) වරෙන්තු නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගැනීමට සොයමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට අද දින රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දෙමින් ‘වස්අප්’ මාර්ගයෙන් දැනුම්දීමක් කළ බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත්කර සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර සිටි) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැති අය බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගිලන් රථ මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කරුණු දක්වමින් මීට පෙර දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙහි 08 වැනි සැකකාර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි තත්වයේ රෝගී තත්වයක පසුවන බව දැනුම්දෙමින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකුගෙන් යුත් විශේඥ කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි කීවාය.

කායික රෝග ස්වසන රෝග හා රෝග. අමාශික හා ආන්තරික රෝග විකලාංග රෝග පිළිබඳ විශේඥ වෛද්‍යවරුන් මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකු ද ඇතුළත් වූ බවත් එම විශේඥ කමිටුවට අදාළ වෛද්‍ය වාර්තාව නිකුත් කළ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා ද කැඳවා ඇතැයි දැනුම් දුන් ලක්මිණි ගිරිහාගම විමර්ශනයෙන් අනතුරුව විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ පෙර දින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් කිසිදු බාධාවක් නොතිබූ බව සඳහන් කර ඇතැයි පෙන්වා දුන්නාය.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව දීර්ඝ වශයෙන් විස්තර ඉදිරිපත් කර ඇතැයිද බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබු පපුවේ කැක්කුම සහ ශ්වසන ආබාධ තත්වය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පෙබරවාරි 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් බාධාවක් නොවන බවට විශේඥ කමිටුව මතයක් පළ කර ඇතැයි සඳහන් කළ ගිරිහාගම, කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්වයන්ට බන්ධනාගාර රෝහලේදීම ප්‍රතිකාර දීමට හැකියාව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට මාරු කිරීමට තරම් හේතු නොවන බවට ද මත පළකර ඇතැයි පෙන්වා දුන්නාය.

මෙම තත්වය අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් පසුගිය 15 වැනිදා අසත්‍ය කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ මෙම උසාවියට වන හෙයින් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝවනී අබේවික්‍රම වීරසිංහගෙන් ඉල්ලා සිටියාය.

මේ අවස්ථාවේ දී අධිකරණය ඇමතු මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර රෝහලට වෛද්‍යවරු පත්කරන්නේ කවුද? යනුවෙන් නැඟු ප්‍රශ්නයට පිළිතුරු දුන් ලක්මිණ ගිරිහාගම සෞඛ්‍ය අමාත්‍යංශය යැයි කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, “බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු වීමට විශේෂ සුදුසුකමක් අවශ්‍යද?”

ලක්මිණී ගිරිහාගම “නැහැ”

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය – මෙය ආයතනික ප්‍රශ්නයක් සැකකරු 15 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී 14 වැනිදා පපුව රිදෙන්වා කියලා කියන්වා” එතකොට ගත යුත්තේ කුමක්ද? යන්න තීරණය කිරීමට වෛද්‍යවරයාට ඇති කාලය කොපමණද? කියා තීරණය කිරීමට ඇති කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිකාර නුදුන්නොත් ප්‍රතිකාර දුන්නේ නැත්තේ ඇයි? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ නිසා අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතුයි.

මෙය පොදු දේපළ පිළිබඳ නඩුවක් මෙහි සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළා කියා ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ” නමුත් මෙහි සැකකරුට ඇප නියම කිරීමේ දී සුවිශේෂි කරුණු සලකා බලන නිසා මෙවැනි දේ කරන්නේ එවැනි වාසි ගැනීමට ද යන්න පිළිබඳ බන්ධනාගාර වෛද්‍යවරුන් දැනුවත් කළ යුතුයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු ඉදිරිපත් කරන වාර්තා සත්‍යම වාර්තා විය යුතු බවට වෛද්‍ය සභාව සමඟ එක්ව නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයාට දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය අනවශ්‍ය ආකාරයට මෙමම සිද්ධියට මැදිහත්වීමේ අවශ්‍යතාවයක් අධිකරණයට නැතැයි කීවාය.

ඉන් අනතුරුව බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරුගේ අත්අකුරු ඉලක්කම් සහ අත්සන පිළිබඳ පරික්‍ෂා කළ රජයේ සැකකටයුතු ලේඛන පරීක්ෂවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සැකකරුගෙන් ලබාගත් සාම්පල ඔහුගේ අත් අකුරු ඉලක්කම් සහ අත්සන පරීක්‍ෂා කිරීමට ප්‍රමාණත් නොවන හෙයින් යළිත් ඔහුගෙන් අදාළ සාම්පල ගැනීමට කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

පළමු සැකකරු විසින් සපයා ඇති ඖඖෂධ වර්ග 289 සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයේ ඒ සමයේ භාවිත කළ ‘ෆොන්ටෝ’” මෘදුකාංගයට ප්‍රවේශ වී අදාළ තොරතුරු ලබාදීමට සහකාර රස පරික්ෂක උඩංගමුවට අවසර දෙන්නැයි ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රස්ත්‍රාත්වරිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියට පිළිතුරු දෙන ලෙස උඩංගමුවට දැනුම් දුන්නාය.

‘රිටොක්සි මැප්’ නමැති ඖෂධයට සම්බන්ධ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමට අදාළව කරන ලද විමර්ශනයේ දී වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ ලැප්ටොප් පරිගණක 02ක් ඩෙක්ස් ටොප් පරිගණකයක් සහ එහි ප්‍රධාන විධායක නිලධාරිණීයගේ ලැප්ටොප් පරිගණක ද රහස් පොලිස් බාරයට ලත් බව දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබී අත්අඩංගුවට ගත් පරිගණක 12ක් අධිකරණයට ඉදිරිපත් කළාය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තිබු ඖෂධ වර්ග 182ක් සහ 06 වැනි සැකකරු විසින් අනුමැතිය දුන් ඖෂධ 285ට අදාළව ප්‍රසම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා ද කියා කළ පරීක්‍ෂණයේ දී ඖෂධ වර්ග 19ක් හැර ඉතිරි සියලු ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සපයා තිබු බවත් ඒ අනුව රට තුළ ඖෂධ හිගයක් තිබී නැති බවත් හෙළි වූයේ යැයි කී ලක්මිණ ගිරිභාගම, එසේ තිබිය දී ඖෂධ 317 ක් සහ ශල්‍ය උපකරණවල තොග අවදානම් තත්වයේ ඇති බවට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් 03 වැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නාය.

ඖෂධ 317ක් නොමැති හෙයින් ඉදිරි සති තුනක් තුළ රටේ සෞඛ්‍ය ආයතන තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී ඊට මාසයකට පෙර උග්‍ර ඖෂධ හිඟයක් නිසා රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන බව සඳහන් කළ ඖෂධ වර්ග 182 ක සහ 06 වැනි සැක්කරු විසින් අනුමැතිය දුන් ඖෂධ 285 ද ඊට ඇතුළත්ව ඇති බව ද පෙන්වාදුන් ලක්මිණි ගිරිහාගම, ක්‍රමාණුකූලව රටට ඖෂධ තොග ලැබෙමින් තිබිය දී හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් නැති ඖෂධ නීඟයක් මවාපෑමට උත්සහ කර ඇතැයි ද කීවාය.

තවත් ඖෂධ 92ක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී ඉන් ඖෂධ 08ක් හැර ඉතිරි ඖෂධ වලින් ඖෂධ 45ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදනය කරමින් තිබී අති බවත් ඉතිරි ඖෂධවලට අදාළ තොග රට තුළ තිබූ බවත් රහස් පොලිසිය තොරතුරු අනාවරණය කරගත් බව දැනුම් දුන් ලක්මිණි ගිරිහාගම, රට කඩා වැටෙන බව පවසා හදිසියේ රටට ගෙන ඒමට අනුමැතිය ගත් ඖෂධ වර්ග 16ක් රටට ගෙනැවිත් නැතැයි ද කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය – රිටොක්සි මැප් සහ ඉමියුනුගෝ ලෝබින් ඖෂධ සම්බන්ධයෙන් තත්වය කුමක්ද?

ලක්මිණී ගිභාගම මෙනවිය – මෙම ඖෂධ දින 05ක් තුළ රටට සැපයීමේ වගකීම පළමු සැකකරුට පවරා ඔහුට ටෙන්ඩරය ප්‍රදානය කර තිබුණත් ඔහු පොරොන්දු වූ පරිදි අදාළ ඖෂධ සපයා නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මි:- සෞඛ්‍ය අමැතිවරයා වශයෙන් 08 වැනි සැකකරු ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්ද?

ලක්මිණී ගිරිහාගම් මෙනවිය:- ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධ වගකීම යනු දැරිය යුතුයි.

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය:- මෙයට වගකිය යුතු නිලධාරියා කවුද?

ලක්මිණී ගිරිහාගම – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම අංශයේ ප්‍රධානියා ලෙස පත් කළ වෛද්‍ය සමන් රත්නායක පත්කර ඇත්තේ එහි සාමාන්‍ය රාජකාරි කළ නිලධාරීන් ඉවත් කරලයි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් කැබිනට් අනුමැතිය ගෙන සමන් රත්නායක ඊට පත් කරගෙන ඔහුට සියලු කාර්යයන් පවරා තියෙනවා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළාය.
(ලංකාදීප)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka