gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉස්සර හිටියේ පොහොට්ටු බයියෝ... දැන් මාලිමා බයියෝ - හිරුණිකා හරිනිට සැරවෙයි... විජිත ගැන දැනගත්තු දේ එළියට (VIDEO)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන්නේ වර්තමාන කතානායකවරයා නිසා බවත් ලංකාවේ බිහිවුණ කතානායකවරුන්ගෙන් දූෂිත , පක්ෂග්‍රාහී , ව්‍යවස්ථා උල්ලංඝනය කරන කතානායකවරයා වන්නේත් වර්තමාන කතානායකවරයා බවත් සමගි ජනබලවේග රජයක් තුළ අනිවාර්යෙන් කතානායකවරයාගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද පැවැසුවාය.

‘‘පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් දුන්නා 2023 ඔක්තොම්බර් 19 දිනට පෙර තිබුණ ආකාරයට විදුලි බිල සංශෝධනය කරලා ජනතාවට සහනයක් ලබාදෙන්න කියලා. ඒ වගේම විදුලිබිලෙන් සියයට 20 ක් අඩුකරන ලෙසද පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙන් නියෝගයක් ලබාදීලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාශය ගෙන්වා පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදුන් නියෝගය අනුව ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු ආංශික කාරක සභාව එම ආයතනවලට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභාව ලබාදී තිබෙන නියෝගය විදුලිබල අමාත්‍යාංශය අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක නොකළොත් පාර්ලිමේන්තුවට
එරෙහිව යාමක්.

ඒ වගේම කියන්න ඕනි පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන්නේ වර්තමාන කතානායකවරයා නිසයි. ලංකාවේ බිහිවුණ කතානායකවරුන්ගෙන් දූෂිත , පක්ෂග්‍රාහී , ව්‍යවස්ථා උල්ලංඝනය කරන කතානායකවරයෙක් තමයි වර්තමාන කතානායකවරයා. කතානායකවරයා සිදුකරන ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට විරුද්ධව සමගි ජනබලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තිබෙනවා. වර්තමාන කතානායකවරයාට එම නිලයේ කටයුතු කිරිමට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. කතානායකවරයාට විරුද්ධව සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව හරහා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාට සිදුවුණ දේම සිද්ධවෙන්න පුලුවන්. සමගි ජනබලවේග රජයක් තුළ කතානායකවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. රාජපක්ෂවරු බලයේ සිටින කාලයේ රාජපක්ෂවරුන්ගේ සහෝදරයෙකුත් කතානායකවරයා ලෙස කටයුතු කළ. නමුත් ඔහු පක්ෂග්‍රාහීව , ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් කටයුතු කළේ නෑ. කතානායකවරයාට විරුද්ධව ගෙන එන විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන මැති ඇමැතිවරුන්ට ගමට එන්න ඉඩ තියන්න එපා. විපක්ෂයට ජනතාව වෙනුවෙන් හඩ නගන්න පුලුවන් වන්නේ පාර්ලිමේන්තුවේදී පමණයි. නමුත් එම අවස්ථාවත් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ නෑ.

පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ගෙන් 4 ක් පක්ෂවත් දෙදෙනෙක් විපක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා. තවත් දෙදෙනෙක් ඡන්දය ලබාදෙන්න පැමිණිලා නෑ. එවැනි තත්ත්යක් තුළ පොලිස්පති ලෙස දේශබන්ද තෙන්නකොන්ව පත් කිරීම සඳහා ඡන්දය ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කතානායකට කිසිදු අවස්ථාවක් නෑ. ව්‍යවස්ථාදායක සභාවේදීත් කතානායකවරයා තමන්ගේ බලතල අත්තනෝමතික ලෙස භාවිතා කරලා තිබෙනවා. ඔහු කතානායකධුරයේ නෙවෙයි කටයුතු කරන්නේ. ඔහු රාජපක්ෂලාගේ තොල්කයා ලෙස තමයි කටයුතු කරන්නේ. සමගි ජනබලවේග රජයක් තුළ අනිවාර්යෙන් කතානායකවරයාව අධිකරණය ඉදිරියට ගේන්න කටයුතු කරනවා. කතානායකවරයාගේ සැදැසමය ගත කරන්න තිබෙන කාලය ඔහුට උසාවි වල ගතකිරිමට සිදුවෙන තත්ත්වයක් තමයි ඇතිවන්නේ. ‘‘

හරිනි අමරසූරිය ජනාධිපති අපෙක්ෂකත්වයට සුදුසුයි

‘‘ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට හොද දේශපාලන ගමනක් තිබෙනවා. ජාතික ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විය යුත්තේ හරිනි අමරසූරිය. අනුර කුමාර දිසානායකට භයානක , කිලුටු අතීතයක් තිබෙනවා. හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපෙක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගතකරන යෝජනාව ජනබලවේගයේ ප්‍රතිපත්වලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා. ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරිමට නම් හරිනි අමරසුරියට පුලුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්මක් තිබෙනවානම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න
හරිනි අමරසුරියට පුලුවන්. ගණිකා වෘත්තිය නීතිගතකරන බව සමගි ජනබලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපිට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉදගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවටල අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළත් තිබෙන දැක්මක් තිබෙන තැනැක් කාන්තාවන් තෝරාගත යුතුයි.

තුවක්කු සංස්කෘතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා

‘‘ලංකාවේ දවස් දෙකකට සැරයක්වත් වෙඩි තැබිමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා. යුක්තියේ මෙහෙයුම නමින් පොලිස්පති සහ පොලිසිය භාර ඇමැති සිදුකරගෙන යන සන්දර්ශනයෙන් ප්‍රතිඵල තිබෙනවානම් ලංකාවේ තැන තැන වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන්න බෑ. තුවක්කු සංස්කෘතියක් බරපතල ලෙස රට තුළ ක්‍රියාත්මක වෙනවා.
කුඩු කාරයෝ ඉන්නේ ටිරාන් අලස්ගේ සාක්කුවේ. ටිරාන් අලස් පොලිස් ඇමැතිගේ හොදම යාලුවා තමයි රේනෝ ද සිල්වා , රේනෝද සිල්වාගේ මල්ලි දුමින්ද සිල්වා එතකොට දුමින්ද සිල්වා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දඩුවම් ලබන අයෙක්. ඔහුත් එක්ක මරණ දඩුවම හිමිවුණ කෙනෙක් තමයි දෙමටගොඩ චමින්ද. දෙමටගොඩ චමින්දගේ අයියා කුඩු රුවන්. කුඩු රුවන් ගැන මම තොරුතරු හෙළි කිරිම හමුවේ කුඩු රුවන්ගේ පුතා බිරිද අත්අඩංගුවට ගත්තා. කොටි සංවිධානයට මුදල් දුන්න පුද්ගලයා තමයි නීතිය හා සාමය භාර ඇමැති. මානව හිමිකම් කඩ පුද්ගලයෙක් තමයි රටේ පොලිස්පති වෙලා තිබෙන්නේ. ‘‘
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka