gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EPF – ETF ගෙවන්න නම් සමාගමේ පරිසර අපරාධ මාධ්‍යයට හෙළි කිරීම නවත්වන්න ලු… මනම්පිටිය පුද්ගලික වැලි සමාගම සේවකයින්ට ගිවිසුමක් ඉදිරිපත් කරලා…

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට සේවකයින් එක් කිරිම සඳහා මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම ඇති කරගත් ගිවිසුමේ වගන්තියක් ලෙස තම සමාගමේ දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ කිසිම හෙළිදරව්වක් රටේ කිසිම මාධ්‍යයක් වෙත ලබා දීම තහනම් කරමින් ඉදිරිපත් කර තිබීමත්,  එසේ යම් ප්‍රකාශයක් සිදුකළේ නම් වැලිමංකඩ හිමිකම අහිමි කිරීම දක්වා කටයුතු කිරිමේ බලය තමන් වෙත පවරා ගැනීමත් හේතුවෙන් තමන් බලවත්අසාරධාරණයකට ලක් වී ඇති බව  මනම්පිටිය මහවැලි ගඟේ වැලි මංකඩලාභීන්, ටිපර් රථ රියදුරන්, වැලිගොඩ දමන කම්කරුවෝ සඳහන් කරති.

පසුගිය කාලවල මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන පෞද්ගලික සමාගමේ ඇතැම් උසස් නිලධාරීන්,   වැලිමංකඩ අයිතිය අහිමි කරමින් ඒවා දේශපාලන හිතවත්කම් අනුවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත්  ලබාදීමේ කුමන්ත්‍රණයක් වැළකී ගියේ ඒ සම්බන්ධව කළ හෙළි දරව් කිරීම් නිසා බවත්,  මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම භූ විද්‍ය හා පතල් ගැනීම් කාර්යාංශයෙන් ලබාදී ඇති බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය පුරා සිදුකළ පරිසර අපරාධ වැළකී ගියේත් සමාජය ඒ සම්බන්ධව දැනුම්වත් කිරිමට හැකි වූ නිසා බවත් සේවක පිරිස් පවසති.,

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම සතා සිවුපාවන්ට, හානි වන අයුරින් රාත්‍රී කාලයේ ජේ,සී,බී. බැකෝ යන්ත්‍ර ද යොදා වැලි ගොඩ තමා පැටවූ සිද්ධිය මාධ්‍යය හරහා රටට හෙළිදරව් වීම නිසා ඒ අපරාධය වලක්වාගත හැකි වීම එක් උදාහරණයක් බව සේවකයෝ කියති.

මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම හා වැලිගොඩ දමන වැලි මංකඩලාභීන් අතර ඇතිකරගත් එකඟතා ගිවිසුමේ පළමු උපලේඛනයේ බරපතළ විසමාචාර ක්‍රියා යටතේ නවවන කරුණු ඔස්සේ පුවත්පත්,රූපවාහිනී, ගුවන් විදුලි, මාධ්‍යයන් හෝ සමාජ මාධ්‍ය ජාලා තුළින් සමාගම සහ එහි නිලධාරීන් සිදුකරන අසාධාරණකම්, අක්‍රමිකතා, වංචා, දූෂණ, සම්බන්ධව, ප්‍රචාරණය කිරීම, ඊට අනුබලදීම මංකඩලාභීන් විසින් සිදු කළහොත් ඔහුගේ වැලිමංකඩ අහිමි කිරීමේ බලය සමාගම සතුව  ඇති බව දන්වා ඇත.

මේ තහනම පිළිබඳව  මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ස්ථාන භාර නිලධාරී මෙහෙයුම් එච්,එම්,ඩබ්ලිව්,ඩී, ජයමාල්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු සඳහන් කළේ වැලි මංකඩලාභීන්ට සහ වැලි ගොඩදමන කම්කරුවාට මාධ්‍යයට ප්‍රකාශ ලබාදීම වළකාලීම ප්‍රායෝගික නොවන බවය. එය කම්කරුවාගේ මූලික අයිතියක් බවත්, ඒ පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

අප මේ පිළිබඳව තාක්ෂණ සේවා පුද්ගලික සමාගමේ මාධ්‍ය සම්බන්ධීකාරක සුජිත් කෝනාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ගිවිසුම මංකඩලාභීන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඇතිකරගත් එකක් බවත්, ඉදිරියේදී ඔවුන් සඳහා    ඊ,ටි.එෆ්. ඊ.පී.එෆ්. ගෙවීමේදී එලෙස ගිවිසුමක් තිබිය යුතු නමුත් එකඟතාවේ ඇතැම් කරුණු ප්‍රායෝගික නොවන බව පැවසුවේය.

-මනම්පිටි නිමල් ජයරත්න
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka