gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

OnmaxDT ලොක්කා ගිණුමේ කෝටි 1600ක් සමග ඕස්ට්‍රේලියාවට පැනයයි.. අල්ලන්න රතු වරෙන්තුවක්

" ඔන්මැක්ස් ඩී.ටී." නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක්ඇ ති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ කිෂ්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි පි මිලියන 4.7 මුදලක් මෙසේ ආයෝජනය කර ඇති අතර "ඔන්මැක්ස් මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂක වරයෙකු කිස්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්, ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාට බැර වී ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

සැකකාර අධ්‍යක්ෂක විසින් සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් වන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

මීට අමතරව ජෝර්ජියානු ජාතිකයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැර වී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

මෙම සභාපතිවරයා හා විදේශිකයා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්ඩංගුවට ගැනීමට ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නිකුත් කළේය.

'ඔන් මැක්ස්' සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු පොලිසිය මඟ හරිමින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

( lankadeepa.lk -රෝෂන් තුෂාර)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka