ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධුරයට නිතරගයෙන් පත්වු එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක,
නව තනතුරට පත්විමෙන් පසුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
“වර්තමානයේදී පාරිභෝගිකයෝ දැඩි සූරා කෑමකට ලක්ව සිටිනවා. එය ගැටළු රැසකට හේතු වී තියනවා. ආනයනික කිරිපිටි, පාන්පිටි, අර්තාපල්, ලොකු ලූනු වැනි ආහාර ද්‍රව්‍ය වලින් ව්‍යාපාරිකයන් සියයට තුන්සියයක පමණ ලාභ ලබන බව තහවුරු වී තියනවා ”
එය පාරිභෝගිකයන් හෙවත් සාමාන්‍ය ජනතාව පීඩනයට පත්වීමට හේතුවක් බවයි සභාපති මන්ත්‍රීවරයා අවදාරණය කරන්නේ.
ව්‍යාපාරිකයන්ගේ අධික ලාභවලට සමගාමීව රේගු දෙපාර්තමේන්තුවට ආදායම් අහිමිවීමද වාර්තා වී ඇතැයි ඔහු පැවසිය.
එවැනි තත්ත්ව කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් සම්බන්ධ විශේෂ සාකච්ඡාවකින් ක්‍රම සහ විධි කාරක සභාවේ ආරම්භ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සඳහන් කළේය.
(චතුරංග මේදිස්)
