gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"කථානායකවරයාගේ විශ්වාසභංගයට ජන්දෙ දෙන්න තමයි ජනාධිපති මාව ගෙන්නුවේ" - ලෝක බැංකු සමුළුවට ගිය ඇමති බන්දුලව හදිසියේම ලංකාවට ආපු හේතුව හෙළිකරයි

තමන් පසුගිය 17 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර 2024 වර්ෂය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ගොස් සිටි බවත්, තමන් වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා , කතානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීම සදහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කර තිබීම නිසා තමන් මෙසේ ආපසු පැමිණි බව ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවා.

තමන් සහභාගී වීමට තිබූ සමුළුවට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත බලතල පවරා මෙසේ තමන් ආපසු පැමිණි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වන කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත්, එතුමා පසුගිය ජන අරගල අවස්ථාවේ තීරණාත්මක වගකීමක් ඉටු කළ පුද්ගලයෙකු බවත් , රට එම අවස්ථාවේ වෙනත් දිශානතියකට, මහත් විනාශයකට යාමෙන් වළකා, එතුමා දූරදර්ශීව රටත්, පාර්ලිමේන්තුවත් බේරා ගැනීමට පරිනත දේශපාලනඥයෙකු වශයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා ඉටු කළ සේවය අගය කර, කෘතවේදිත්වයේ ජන්දය ලබා දීම සදහා තමන් ඇතුළු රජයේ වගකීම වී ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (20) පස්වරු 06.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka