ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දී අගමැතිකම සජිත්ට අවබෝධතා ගිවිසුමකට යෝජනා!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දී තරග නොකර සිටින ලෙස සමගි ජන බලවේග නායක සජිත් පෙමදාස මහතාට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පිහිටවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බවද එම පිරිස යෝජනා කර ඇත.
පක්ෂයේ ඉහළම පෙළේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේ සඳහා එක්ව ඇතැයි ද දැනගන්නට තිබේ.
මේ අතර සමගි ජන බලවේගය ආසන බල මණ්ඩල වලින්ද යෝජනා වෙමින් ඇතැයි පැවසෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා තරඟ නොකළ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවයි.
ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දී අගමැතිකම සජිත්ට අවබෝධතා ගිවිසුමකට යෝජනා!
2024-03-21T12:00:00+05:30
Gossip Lanka Hot News






