ජනතාව හොම්බෙන් යද්දී මහබැංකුව තමන්ට වැඩි කරගත් වැටුප හෙළි වෙයි
මහබැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ වැඩිදුර විස්තර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.
ඒ අනුව එම වැටුප් වැඩිවීමේදී මහබැංකු කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් (188000) දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙනවා.
මහබැංකු නි. අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් ලක්ෂ 9 සිට ලක්ෂ 17 දක්වා වැඩි කරගෙන තිබෙනවා.
කළමනාකාර සහකාර පන්තියේද ශ්‍රේණි 05ක් සඳහා වැටුප් වැඩිකරගෙන තිබෙන අතර,
පළමු පන්තිය සඳහා 173953 වූ වැටුප 241623ක් දක්වාද,
පස්වැනි ශ්‍රේණියේ කළමනාකාර සහකාරවරයෙක්ගේ වැටුප මාසික දළ වැටුප රුපියල් 278809ක් ව පැවති අතර එය රුපියල් 421184ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා.
මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙක්ගේ මාසික දළ වැටුප රුපියල් 606227 ක සිට රුපියල් 1049430ක් දක්වා වැඩි කරගෙන ඇති බව හෙළිදරව් වුණා.
මෙලෙස සියලුම ශ්‍රේණි පාහේ දෙගුණයකට ආසන්න ප්‍රතිශතයකින් වැටුප් වැඩිකර ගැනීමක් සිදු කරගෙන තිබෙන අතර රටේ සියලු අංශවල සේවකයන් බරපතළ ලෙස පටි තද කරගෙන සිටියදී ආර්ථිකය හසුරුවන තීන්දු තීරණ ගන්නා මහබැංකුව මෙලෙස තමන්ට බෙදාගැනීම රටේ සියලුම අංශවල විවේචනයට ලක් වෙනවා.
ජනතාව හොම්බෙන් යද්දී මහබැංකුව තමන්ට වැඩි කරගත් වැටුප හෙළි වෙයි
2024-03-07T09:24:00+05:30
Gossip Lanka Hot News






